ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය එදා නොදැන සිටි බවත්, එය තේරුම්කර දුන්නද බැසිල් රාජපක්ෂගේ ගැටවලට හසුවී තත්ත්වය තේරුම් නොගත් නිසා අවසානයේ ජනාධිපති ධුරය අත්හරින්නට සිදු වූ බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
එම තත්ත්වය මත වෙන වෙන පිරිස් තමන්ට අවශ්‍ය වී තිබූ දේ කරගත් බවත් විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ “රනිල් උත්තරය ද? ප්රශ්නය ද?” සම්මන්ත්රණ මාලාවේ ඉකුත් දා පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේදී සම්මන්ත්‍රණයේ දීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා,
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා දැනසිටියේ නැහැ, ‘ආර්ථික අර්බුදය’ නැමැති ‘දරුවා’ තමන්ගේ කුස තුළ පිළිසිඳගෙන කියලා. අපි ඒ බව එදා පෙන්වා දුන්නාම එයා කිව්වේ ‘මට ප්‍රසව වේදනාව දැනෙන්නේ නැහැ’ කියලයි. එදා අපව ඇමතිකම්වලින් දොට්ට දැම්මේ ‘ඔයා බඩ වෙලා. මෙහෙම ගියොත් ළඟදීම බබා හම්බවෙනවා’ කියා පෙන්වා දුන් නිසයි. ‘ප්‍රසුතිය’ කොච්චර දරුණු වුණා ද කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ධුරය අත්හරින්නත් සිදු වුණානේ. ඒකයි එදා ඔහුගෙන් සිදු වූ වරද. එදා බැසිල් මල්ලි ‘ගෝඨා අයියේ ඔය වේදනාව ප්‍රසූත වේදනාව නොවෙයි, පොඩි බඩේ අමාරුවක වේදනාවක්. පොඩි ගුලියක් කාපුවාම ඕක හරි යයි’ කිව්වාම ගෝඨාභය අයියා ඒක විශ්වාස කළා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...