විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මිහින්තලා රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ බැහැදැකිමට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ පවසා ඇත්තේ වර්තමානයේ රට පත්ව ඇති තත්වයට විපක්ෂනායකවරයා ඇතුළු සියලු දේශපාලඥයින් වගේ යුතු බව යි.
අයහපත් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වනවිට ඊට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ද වග නොකියන අතර මෙම පනත් වලින් සාමාන්‍ය ජනතාව පීඩා විඳින බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.
මිහින්තලා පූජා භූමිය සම්බන්ධයෙන් පවතින ගැසට් නිවේදනය ද නොසලකා හරිමින් මත්පැන් අලෙවි සැල් බලපත්‍ර ලබාදීමට පාලකයන් කටයුතු කර ඇති බවද පවසා ඇති උන්වහන්සේ වයෝවෘද්ධ දේශපාලඥයන් බලය අතහැරීමට කිසිදු කැමැත්තක් නැති බවද කියා ඇත.
එහිදී අදහස් පළ කළ විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ එළැඹෙන වසරේ දී පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලා ආලෝක පූජාව ඇතුළු පින්කම සිදු කිරීමට තමන් මැදිහත් වන බවයි.
මිහින්තලා හිමියන්ගේ ඉල්ලීම පරිදි මිහින්තලේ මහා විද්‍යාලයට බස් රථයක් ලබා දීමට ද කටයුතු කරන බව ද ප්‍රේමදාස මහතා සඳහන් මෙහිදී සඳහන්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...