දේශීය පුවත්

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පවසති.

තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන්වහන්සේ මෙහිදී පැවැසූහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

” මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කළේ,

ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා, ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය අද ඉඳන් අඳුරේ,

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්. මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ, වගේම පුරාවිද්‍යා අංශ ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි.

ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී මිහින්තලාව වැඳ පුදා ගන්න නම්,

මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්, මේ අයට ඡන්දය දුන්නට අපිත් වග කියන්න ඕන.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More