වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියයි.
කාංචන විජේසේකර අමාත්‍යවරයාට විරුද්ධවත් අධිකරණ ක්‍රියා මාර්ග ගොවීන් වෙනුවෙන් ලබාගන්නා බවද කීය.
උඩවලව ජලාශය මේ වන විට ජල ධාරිතාවය සියයට 2 ට ආසන්න මට්ටමට අඩුවී සිදී ගොස් ඇත. වලවේ ගොවීන්ගේ වගා සදහා අඩුම තරමින් තවත් දින 10ක් වත් ජලය ලබාදිය යුතුවේ. මේ සදහා සමනල ජලාශයෙන් ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විටත් ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කර දින 11 ක් ගතව ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විරෝධතා තවත් දැඩි කරන බව වලවේ ගොවීන් පවසයි.
සමනල ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත්කිරීමේ අරමුණ වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසලදී පවත්වන ලදී.
සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සහ ගො වලව කලාපයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන වල නිළධාරී මහත්වරුන් සහභාගී විය.
– ප්‍රගීත් ජනක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...