උතුරු හා නැගෙනහිර ප්‍රශ්න ගැන දෙමළ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව තොරතුරු ඇතුළත් ලියැවිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බවත්, එහි පැහැදිලිව සඳහන් වන්නේ දෙමළ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවේ තොරතුරු බවත්, එහෙත් එම සාකච්ඡාව සඳහා දකුණේ දෙමළ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර නොමැති බවට තොරතුරු වාර්තා වන බවත් උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ උත්තර ලංකා සභාගය ඊයේ(3) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.
උතුර හා නැගෙනහිර දෙපළාත පිළිබඳ සාකච්ඡාවක දී එම පළාත් නියෝජනය කරන සිංහල හා මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාව සඳහා කිසිඳු ආරාධනයක් නොකර, තෝරාගත් දෙමළ මන්ත්‍රීවරු පිරිසකට පමණක් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කිරීම කෙතරම් යුක්ති සහගත දැයි ගෙවිඳු කුමාරතුංග මහතා මෙහිදී ප්‍රශ්න කරයි.
මෙම සාකච්ඡා සිදුවන්නේ වනසංරක්ෂණයට, පුරාවිද්‍යාවට අයත් මහවැලියේ ඉඩම් බෙදා දීමට ප්‍රාදේශීය ලේකම්ට පැවරීම හරහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම බව පැහැදිලි වන බවද, මෙම සාකච්ඡා හරහා දෙමළ මන්ත්‍රීවරුන් සමග සිදුවූ එකඟතාවයන් 13 සංශෝධනය ඉක්මවා යාමක් බව පෙනෙන්නට ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...