දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතුළු පිරිසක් විසින් ඊයේ (03) පස්වරුවේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

පැමිණිලිකරුවන් පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයුතු ලෙස ඇතුළුවී අනවසරයෙන් එහි දත්ත ලබාගැනීමක් සිදුකර ඇති බවය.

කථානායකවරයාගේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දත්ත ලබාගැනීම සඳහා ආයතන වෙත ඇතුලුවිය නොහැකි අතර මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More