වර්තමානය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමතා සමග දැඩි හිතවත්කමක් පවත්වන නිමල් ලාන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ.
නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටින පසුබිමක මෙම අර්බුදය තවත් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
ලාන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේමජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද, එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවත්, පොහොට්ටුවෙන් තවත් පිරිස් ගලවා ගැනීමටද සූදානමින් සිටින බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...