ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බවයි.
සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වල දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්වී ඇති බවත්, පවුල් 27,885කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු එලෙස පීඩාවට පත්වී ඇති අතර වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය බවත් එම මධ්‍යස්ථානය සඳහන් සඳහන් කරයි.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ පවුල් 21,714කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු පීඩාවට පත්වී සිටී.
මීට අමතරව සබරගමුව පළාතේ පවුල් 1,098කට අයත් පුද්ගලයින් 5,734 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1,726කට අයත් පුද්ගලයින් 5,655 දෙනෙකු සහ නැගෙනහිර පළාතේ පවුල් 2,747කට අයත් පුද්ගලයින් 8,983 දෙනෙකු පීඩාවට පත්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...