‘අස්වැසුම’ සඳහා සුදුසුකම් නොලැබූ හාරලක්ෂයකට ආසන්න පිරිසකට ‘සමෘද්ධි’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීමත්, සැලසුම් කළ එකඟතා හා නිර්ණායක ක්‍රියාත්මක නොකොට දේශපාලන මුහුණුවරකින් තීන්දු තීරණ ගැනීමත් නිසා දේශපාලන බලාධිකාරිය හා ඉහළ රාජ්‍ය නිලධාරීන් අතර අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ නිසා ‘අස්වැසුම’ වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය අවසන් කර ගත යුතු බවට එකඟතාවට පැමිණි ඇතැම් තීන්දු මෙමගින් වෙනස්කර ඇති බවට ‘අස්වැසුම’ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව ද පැවසේ.
එමෙන් ම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතරෙන් 1,19,056ක් දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබියදී ඒවා ගැන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් අදාළ ප්‍රතිලාභ ගෙවීමට ගෙන ඇති තීරණය ද මෙවැනි එකඟතා බිඳීමක් බවත් කැයැවේ.
මෙවැනි තීන්දු ගැනීමෙන් මූලිකවම ‘අස්වැසුම’ සමීක්ෂණය හා එහි මූලික අපේක්ෂා අභියෝගයට ලක්වන බවත් එම නිලධාරීන් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...