දේශීය පුවත්

උඩවලව ජලාශයෙන් ජලය ලබාගෙන උඩවලව ජලාශයේ වම් ඇළ හා දකුණු ඇළ අක්කර 65,000ක ප්‍රදේශයක් මේ වන විට වගාකර ඇති බවත්, එම ගොවිතැන්වලට ජලය ලබාගත නොහැකිව ගොවි පවුල් 45,000ක දෙනා මේ මොහොත වන විටත් අනාථ වී ඇති බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

එම ප්‍රදේශයේ ගොවීන් දිගින් දිගටම මෙම දුක්ගැනවිල්ල කෘෂිකර්ම ඇමැතිවරයාට ඉදිරිපත් කළ ද කෘෂිකර්ම ඇමතිවරයා එයට විසඳුම් දීමට අපොහොසත් වී ඇති බවද, සමනල වැව ජලාශයේ සියයට 17ක පමණ ප්‍රමාණයක් ජලය පවතින හෙයින් උඩවලව ජලාශයට ජලය ලබාදීම කළ හැකි දෙයක් වුවද විදුලි බල ඇමැතිවරයාගේ සහ කෘෂිකර්ම ඇමැතිවරයාගේ කඹ ඇදිල්ල නිසා ගොවි ජනතාව තවත් පීඩාවට පත්වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැන්වත් මෙම ඇමැති කඹ ඇදිල්ල නතර විය යුතු බවත්, ගොවින්ට ජලය ලබාදීම ප්‍රමුඛ කරාණය ලෙස සලකා එය ක්‍රියාත්මක නොකළ හොත් මෙරට සමස්ත ජනතාවටම බඩගින්නේ සිටීමට සිදු වනු ඇති බවත් කරුණාතිලක හේරත් මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ගොවි ව්‍යාපාරය විසින් අද(6) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More