ඉදිරියේ දී ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන ජලය සඳහා පාසල්වලින් ගෙවීමක් අයකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩල පවසයි.
නොමිලේ පාසල් සඳහා ජලය ලබාදුන්නත් එය අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම අයකිරීම සිදු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පවසන්නේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා,
“1988 වසරේ සිට කැබිනට් තීරණයක් අනුව පාසල් සඳහා නොමිලේ ජලය ලබාදීමට කටයුතු කළා. පසුගිය කාලයේ නිරීක්ෂණය කළා පාසල් තුළට නොමිලේ ලබාදුන් ජලය පාසල් කටයුතු සඳහා නොවන කාර්යන් සඳහා පාවිච්චි කරනවා කියලා. එක පාසලක භාවිත කරන එක පුද්ගලයෙක් දවසකට ලීටර් 20ක් ඒ අනුව මාසයකට දවස් 20ක් පැවැත්වුණොත් මාසයකට ලීටර් 400ක්. ලීටර් සංඛ්‍යාව වැඩිකිරීම භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව. භාවිත කරන්නන් 1000ක් ඉන්නවා නම් අපි ලීටර් ලක්ෂ 4ක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පාසලකට ලබාදෙනවා. පාසලක සිසුන් සංඛ්‍යාව හා අනධ්‍යයන හා ගුරුවරු වැඩිවෙන ප්‍රමාණයට අනුමත ජලය ප්‍රමාණය වැඩිවෙනවා. ඒ ප්‍රමාණයට වඩා යනවා නම් ඒ ප්‍රමාණයට අනිවාර්යයෙන්ම ගෙවීමක් කරන්න වෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...