ලබන වසරේ සිට වසරකට එක් වරක් පමණක් වාර විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, වාර විභාගය එසේ පැවැත් වූවද සෑම පාඩමක් අවසානයේදීම ඊට අදාළ තක්සේරු කිරීමක් සිදු කර එහි දී ලකුණු ලබා දෙන බවයි.
“පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ගත්තා ම ටර්ම් ටෙස්ට් අඩු කරනවා. අවුරුද්දට එක වතාවයි. ලබන අවුරුද්දේ ඉඳලා. හැබැයි එක පාඩමෙන් පාඩමට, අපි මොඩියුල්ස් කියලා කියන්නේ. ඒක අවසන් කරලා, එතන තියෙනවා තක්සේරු කිරීමක්. ඒ තක්සේරු කිරීමේ ලකුණු සටහන් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා, පරිගණක ලබා දීලා ඒකට එන්ටර් කරන්න. අවුරුද්දේ අගදී මේක බැලුව හැකි. එතකොට විභාගෙට අපි මුලින් පටන් ගන්නකොට 70%යි. පන්ති කාමරයේ වැඩවලට 30%යි. ඕක හෙමීට 50ට 50 ගේනවා. දැන් ටියුෂන් පන්ති ගිහිල්ලා අර 50 ගන්න බෑනේ. පාසල් එන්නත් ඕනේ. පාසලේ ඉන්නත් ඕනේ. පාසලේ වැඩ ටික කරන්නත් ඕනේ පන්ති කාමරයේ.”
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වාර තුන සඳහා වෙන් වෙන් වශයෙන් වැඩපොත් හඳුන්වා දීමට ද පියවර ගන්නා බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...