සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) දින යළිත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සිය වගා කටයුතු කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක, ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන තිබිණි්
එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.
සමනල වැව ජලාශයෙන් ජලය ලබාදීමට ඇතැම් පාර්ශව සෘජුවම අකමැත්ත පළ කර ඇති බවද වාර්තා වන අතර, මෙම තත්ත්වය හමුවේ යළිත් වරක් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේ නැවත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...