ගොවිතැනට අවශ්‍ය ජලය ජලාශවලින් මුදා හැරීමට කටයුතු නොකළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.
රත්නපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ විදුලිය නොමැතිව කරුවලේ සිටියද ජනතාවට බඩගින්නේ සිටිය නොහැකි බවයි.
ඉදිරියේදී අනිවාර්යෙන්ම ඕනෑම තත්ත්වයක් යටතේ විදුලිය නිෂ්පාදනයට සඳහා ඉන්ධන යොදා ගැනීමට සිදු වන බවත් එනිසා දැන දැන ගන්නා තීන්දු හේතුවෙන් අසවැන්නත් නැතිව විදුලියත් නැති වන තත්ත්වයට පත්වන බවද ගාමිණී වලේබොඩ මහතා පවසයි.
රජය සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සදුදා හවස් වන විට වලව ගොවින් සමග විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය ආක්‍රමණය කරන බවත් හෙතෙම තවදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...