රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැංවුණ මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද, පෙර පළ නොවුණු – නවතම පර්‍යේෂණ ලිපි සමුච්ඡය වංශ කථාවක් ලෙස එළිදැක් වීම 2023 අගෝස්තු මස 07 දා එනම් අද දින සවස 3.30 ට කොළොඹ, තුන්මුල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී සිදුකිරීමට නියමිතය.
මෙහි අනුග්‍රාහක දායකත්වය මහාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මැතිතුමාගේ සහ එම පවුලේ සාමාජිකයන්ගේත් හිතමිතුරන්ගේත් මැදිහත්වීමෙන් සිදුකෙරෙන අතර, උත්සවයේ මූලාසනය සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ උසුලති.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි නාහිමි, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ සංස්කෘතික ත‍්‍රිකෝණයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය විද්‍යාජෝති නිමල් ද සිල්වා මහතා සමරු දෙසුම් පවත්වති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...