ඉරානයේ විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව ඇතුළු මිතුරු රටවල් සමඟ බෙදා ගැනීමට ඉරානය සූදානම් බව එරට ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා පවසයි.
මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා කොමිසම යළි සක්‍රිය කළ යුතු බවය.
මේ අතර අධිරාජ්‍යවාදී සහ ආත්මාර්ථකාමී විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂාකාරී වියයුතු බව ද ඉරාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති අමීර් අබ්දොල්ලාහියන් සමඟ ද සාකච්ඡාවල නිරත වූ බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන අතර, ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සහ ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කොමිසම්වල රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඉරානය කැමැත්තෙන් පසුවන බව ද එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...