දේශීය පුවත්

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය, ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ.

අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් නිලධාරින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT – 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අද (7) පෙරවරු 11:27ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබ ඇති බව ද ගුවන් හමුදාව වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More