දේශීය පුවත්

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇති බවයි.

යාපනය වෙරළට ඔබ්බෙන් දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව මුලින්ම 2021 වසරේදී ශ්‍රී ලංකාව චීන සමාගමකට ලබා දීමට තීරණය කර තිබුණත් එල්ල වූ විරෝධතා හමුවේ එම කොන්ත්‍රාත්තුව චීන සමාගමෙන් ඉවත් කළ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

තෙවැනි පාර්ශවයක් හේතුවෙන් චීන සමාගම ඉවත් කළ බවට එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉඟි කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියානු ප්‍රදානය යටතේ විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබෙන බවත් ඉන්දීය ප්‍රදානයක් යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බැවින් ඉන්දියානු සමාගමකට එම ව්‍යාපෘති ලැබීම සාධාරණ බවත් ඉන්දියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.

– ලංකාදීප –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More