දේශීය පුවත්

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැංවුණ මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද ‘කුරුන්දි විහාර වංශය‘ කෘතිය එළිදැක්වීම උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙහි අනුග්‍රාහක දායකත්වය මහාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මැතිතුමාගේ සහ එම පවුලේ සාමාජිකයන්ගේත් හිතමිතුරන්ගේත් මැදිහත්වීමෙන් සිදුකෙරුනු අතර, උත්සවයේ මූලාසනය සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ විසින් උසුලනු ලැබූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි නාහිමි, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ සංස්කෘතික ත‍්‍රිකෝණයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය විද්‍යාජෝති නිමල් ද සිල්වා මහතා මෙහිදී සමරු දේශන පවත්වන ලදී.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහළින් නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More