මෙරටට බලපා ඇති වියළි කාලගුණය හමුවේ ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කිරීමට ජලය ඇත්තේ තවත් මාස එකහමාරක කාලසීමාවකට බව ලංකා විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති.
ලංකා විදුලි බල මණ්ඩල දත්තවලට අනුව ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව ඊයේ (අගෝ. 7) වන විට සමස්ත ජල ධාරිතාවෙන් සියයට 34.2 දක්වා පහත වැටී ඇති අතර, ඒ අනුව, කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 39.2 ලෙස ත්, මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 43.1 ලෙස ත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 63.1 ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 30.5 ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 8.4 ලෙසත්, සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 13 ලෙසත් ඊයේ දිනය වන විට දැක්විණි.
ඒ අනුව, දැනට ඉතිරි ජල මට්ටම් අනුව ගිගාවොට් පැය 411.5ක් ජල විදුලිබලාගාර ඔස්සේ සැපයිය හැකි අතර සාමාන්‍ය දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 49කට ආසන්න වේ.
මේ වසරේ මුල් කාලසීමාවේ එම අගය ගිගාවොට් පැය 900කට අධික අගයක් සටහන් විය. දෛනික විදුලි අවශ්‍යතාව සැපයීම සඳහා තාප බලාගාරවලින් සියයට 40ක සහ ජල හා සුළං බලාගාරවලින් සියයට 40ක ධාරිතාවක් ලබා දෙයි.
විදුලි ඉන්ජිනේරුවන් සඳහන් කරනුයේ ජල විදුලිය නිෂ්පාදනය අඩු වුවහොත් එය තාප බලාගාරවලින් පියවා ගත යුතු බව ත් ඒ සඳහා ඩීසල් හා නැප්තා ඉන්ධනවලට අමතර වියදමක් රජයට දැරීමට සිදුවන බවත් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...