දේශීය පුවත්

රට බෙදීමට එරෙහිව අලුතින් ගොඩනැගුණු සන්ධානයකට නායකත්වය දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතා පෙරට පැමිණ තිබේ.ඒ අනුව ඒ මහතාගේ කඳවුම්කාරීත්වයෙන් යුතුව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සහ යුද්ධය දිනූ හමුදාව පාවා දෙන අය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළුව ගොඩ නැගී තිබෙන වර්ධනීය තත්වයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා එළඹෙන බ්‍රහස්පතින්දා (අගෝස්තු 10) පස්වරු 3.30 ට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී රැස්වීමක් කැඳවා තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ රැස්වීමේ මුලසුන මණ්ඩලයේ ජේෂ්ඨත්වය දරනු ලබති. ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. ඊට අමතරව විශ්‍රාමික ලුතිතනන් ජෙනරාල් ජගත් ඩයස්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ යාපනය සිවිල් සමාජ සාමූහිකයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ ඇතුළු සංවිධාන 40ක් නියෝජනය කරමින් කථිකයෝ මෙම රැස්වීම ඇමතීමට නියමිතය. මීට අමරව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරත්න, මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන සහ මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර ඇතුළු බෞද්ධ හිමිවරු  මුලසුනට වඩිනු ලබන අතර උන් වහන්සේලාගෙන් කිහිප නමක් දෙසුම් පැවැත්වීමට නියමිතය.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා 2015 දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමෙන් පසු ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කරන ලදී. ඒ මහතා මානුෂීය මෙහෙයුම පැවැති සමයේ වන්නි පෙරමුණේ යොදවා සිටි පෙරටුගාමී සටන්කාමීන්ගෙන් එක් ඛන්ඩයක් වන 57 සේනාංකයේ අණදෙන නිලධාරීයා ලෙස කටයුතු කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට 1988 අග භාගයේදී එක් කරන ලද ඉඩම් සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් රට දෙකඩ වන බව ලුතිනන් ජෙනරාල් ඩයස් මහතා අවධාරණය කරනු ලබයි. එසේ වුවහොත් බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයන් ආපසු හරවන බව යුද ප්‍රවීණයාගේ අදහසයි. ඒකාබද්ධ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවෝ 2009 මැයි මාසයේදී යුද්ධය සාර්ථක ලෙස අවසන් කළෝය.

ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතා සමඟ විශ්‍රාමික නිලධාරීන් දෙදෙනෙකු වන බ්‍රිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා සහ ලුතිනන් කර්නල් අනිල් සුමේද අමරසේකර පසුගියදා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ. බලකොටුවක් වූ ඓතිහාසික කුරුන්දි විහාරස්ථානය අවට රජයේ ඉඩම් නිදහස් කිරීමට රජය ගත් තීරණයට එරෙහි බව ප්‍රකාශ කර සිටියේය.

13 වැනි සංශෝධනයට අදාළ ලිඛිත යෝජනා හෝ නිර්දේශ අගෝස්තු 15 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලා සිටීමත් සමඟ ජගත් ඩයස් මහතා කැඳවුම්කාරිත්වය දරන මහජන ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව තුල පිළිගත් දේශපාලන පක්ෂ 15ක නියෝජිතයෝ කටයුතු කරති. ඉන් එජාපය ඇතුළු පක්ෂ නවයක් පාර්ලිමේන්තුව තුළ නියෝජිතත්වය දරන්නේ එක් මන්ත්‍රීවරයකු බැගින්ය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව මග හැරියේය. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් “The Island ” පුවත් පත වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජූලි 26 වන දින සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කළේ එය විහිළුවක් මිස අන් කිසිවක් නොවන නිසා බවයි. “ජනාධිපතිවරයා නියෝජනය කරන පක්‍ෂය එක් මන්ත්‍රීවරයකුට පමණක් සීමා වූ විට ජනාධිපතිවරයා මේ මතභේදාත්මක ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්මුතියක් ගොඩ නැගීමට ක්‍රියා කරන්නේ කෙසේද?” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන විජිත හේරත් මහතා ප්‍රශ්න කළේය.

තමන්ට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබූ අවස්ථාවක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර සමස්ත ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ලැබුණු අවස්ථාව එජාප නායකයා හිතාමතාම මග හැරි බවට චෝදනා කළ හේරත් මන්ත්‍රීවරයා ජනාධිපති වික්‍රමසිංහ මහතාට බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි කාලය තුළ අනුප්‍රාප්ති ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට පසුගිය වසරේ ජූලි මාසයේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ බව සහිපත් කරමින් අභියෝග කළේය.

මූලික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 133ක් ලබා ගැනීමට වික්‍රමසිංහ මහ තා සමත් විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට ගත් උත්සාහය අසාර්ථක වූ නමුදු එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සිය යෝජනා ඉදිරිපත් කළ බවද විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කළ ආකාරය එජාපයට මතක නැති වන්නට ඇතැයි පැවසූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වික්‍රමසිංහ-රාජපක්ෂ රජයට යථාර්ථවාදී උපාය මාර්ගයක් අනුගමනය කරන ලෙසද අවධාරණය කර සිටියේය. වික්‍රමසිංහගේ සම්පූර්ණ අභිප්‍රාය වන්නේ ජාතික ප්‍රශ්නය විසඳීමට තම සූදානම ඉන්දියාවට සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීම පමණක් යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. “ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යය නැහැ. ඔහුට අවශ්‍ය වූයේ අදාළ ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දුවක් දක්වන අයව රවටා ගැනීම පමණයි.” ඔහු පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේරත් මහතා “The Island” පුවත් පත කළ  පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ජනාධිපති ධූරය ලැබුණු විගස ජනාධිපති වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රශ්නය පසුගිය නිදහස් දිනය වන විට විසඳන බව ප්‍රකාශ කළ බව සිහිපත් කළේය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් තම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් උපදෙස් ලබා ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහාය ලැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශ්වාසය පළ කළ හැකිදැයි ඒ මහතා ප්‍රශ්න කළේය. මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More