මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද ‘කුරුන්දි විහාර වංශය‘ කෘතිය එළිදැක්වීම උත්සවයට සහභාගි වෙමින් සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ පවසා සිටියේ මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත් අන්තවාදී දෙමළ අන්තවාදී දේශපාලකයන් පිරිසක් ගොඩ නැගූ අර්බූදයක් පමණක් ඇති බවයි. දකුණේ ජනයා මෙන්ම උතුරේ ජනයාද පොදු ප්‍රශ්න වලට මුහුණ දෙන බවද උන් වහන්සේ වැඩි දුරටත් පවසා සිටියහ. එහිදී අසිගිරි මහා විහාරයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අදහස් දක්වමින් වර්තමානයේ පවතින දේශපාලන පරිසරය තුළ අපි ආභීතව නැගී සිටිය යුතු බව පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...