දේශීය පුවත්

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එම ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, ඉකුත් වසර 5ක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොළී ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, 2023-2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොළී අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More