ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් අත්සන් කරන ලද ගිවිසුම් සහ ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“ජනාධිපතිවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කර තිබෙන ගිවිසුම් පිළිබඳව අපට විවාදයක් ඕනෑ. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම්වලටවත් ඒ පත් කළ කාරක සභාවලටවත් අපේ කිසිම නියෝජනයක් නෑ. අපි බිස්නස් කමිටුවේ හිටියා නම් මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඉන්දියාවේ ගිහින් මොනවා අත්සන් කළාද කියලා. ත්‍රිතුණාමලය සම්පූර්ණයෙන් පවරා දෙනවා. කන්කසන්තුරය සහ පලාලි ගුවන් තොටුපළ පවරා දෙනවා. පාර්ලිමේන්තුව දන්නේ නෑ. නමුත් ජනාධිපති කියනවා පාර්ලිමේන්තුව තමයි උත්තරීතරම ආයතනය කියලා. ජනාධිපති ඉන්දියාවේ ගිහින් අත්සන් කළ ගිවිසුම් මොනවාද, ගත්තු තීන්දු මොනවාද කියලා අපිට විවාදයක් දෙන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...