සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යෑමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට එය ක්‍රියාවට නංවන ලෙස ඉල්ලීමක් කොට තිබුණි. එදා 13 වෙනි සංශෝධනය වර්තමානයට නොගැළපෙන නිසා එහි සඳහන් කරුණු සංශෝධනය කිරීමක් ද පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබුණි.
නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තනිවම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හා රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබුණේ උතූරු නැගෙනහිර එකාබද්ධ කිරීම සඳහාත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහාත් ජනමත විචාරණයක් පැවැත්වීම කාලෝචිත බවයි. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන ලෙස එම ලිපිය මගින් දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා තිබුණි.
ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් අත්තනෝමතික ලෙස කටයුතු කළේ යැයි දෙමළ ජනතා සන්ධාන පක්ෂය තීරණය කොට ශිවාජිලිංගම්ට ඉල්ලා අස්වන ලෙස මීට දින තුනකට පෙර දැනුම් දී ඇති නමුත් ඔහු ඉල්ලා අස් නොවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව යාපනයේදී රැස්වී ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...