දේශීය පුවත්

16 දෙනෙක් එලියට ඇවිල්ලා සමහරවිට එක්කෙනක් දෙන්නෙකුගේ ප්‍රශ්න තිබිය හැකි බවත් 16 දෙනා එළියට ආවේ පොදු පරමාර්ථයකින් නම්, ඒ 16 ම පොදු පරමාර්ථයෙන් කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) මාතර – හක්මණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අතරතුරදීය.

පෞද්ගලික ප්‍රශ්න තිබුණද යූඑන්පී විරෝධී බලවේගයක් ගොඩනැගීමේ අරමුණ වෙනත් කිසිම දෙයකට පාවා නොදෙන ලෙසත් එසේ වුවහොත් ජනතාව සිය කණ්ඩායම පිළිකුල් කළ හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවේ ඇමතිකම් දාල විරුද්ධ පක්ෂයට ගියපු වැඩිම කණ්ඩායම අපි. වෙනත් කණ්ඩායම් ගියේ තනතුරු ලබා ගන්න, නැතිනම් එක්කෙනෙක් දෙන්නෙක් ගිහින් තනතුරු ලබාගත්තා, නැතිනම් ආණ්ඩුවෙන් අයින් වුණා. 16 දෙනෙක් එකවර ආණ්ඩුවෙන් ඉවත් වෙලා රටේ අගමැතිතුමාට එරෙහිව ජන්දයක් පාවිච්චි කරලා තනතුරු අතහැරලා අපි ආවේ මහජනතාවට පීඩාවට පත්වෙන්න ඉඩ නොදෙන නිසා.

අපේ ඉඩ මහින්දගේ ආශිර්වාදය ඇති අපේක්ෂකයකුට පමණයි

ඒ පමණක් නෙවෙයි මේ රටේ කවදාවත් නොකරපු වැඩ කරනවා. පසුගියදා අලුතෙන් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරන වෙලාවේ ඒ ව්‍යවස්ථාවට වගන්තියක් දාන්න ආවා. වගන්තිය ද්විත්ව පුරවැසිභාවය වසරකට කලින් අයින් කරගත්තේ නැතිනම් එයාට ඡන්දේ ඉල්ලන්න බැහැ කියලා. ඒක ගෙනාවේ කවුරු ඉලක්ක කරගෙනද ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දය ඉල්ලාවි කියලා, බැසිල් රාජපක්ෂ මහත්තයා ඡන්දය ඉලාවී කියලා. ඒ අයට ද්විත්ව පුරවැසිභාවය තියෙන නිසා ඒ ද්විත්ව පුරවැසිභාවය අවුරුද්දකට කලින් ඉවත් කළේ නැතිනම් ඡන්දයකට යන්න බැරි තත්ත්වයේ යෝජනාවක් ගේන්න ඒ ව්‍යවස්ථාවට ඇතුළු කරනවා.

අපේ බලාපොරොත්තුව මේ අවුරුදු එකහමාර තුළ දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා සියලු දෙනාම එකතු කිරීම. ඒක යූඑන්පී වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්. නමුත් මෙය දේශමාමක මේ රටේ ආරක්ෂාව සඳහා අපට යම් කිසි කැපවීමක් කරන්න වෙනවා ඉදිරිකාලය තුළ. එනිසා දැන් එක්සත් පොදුජන පෙරමුණ හදලා තියෙනවා.

ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව අපි ඉදිරිපත් කරන අපේක්ෂකයකුට පමණයි ජයගන්න පුළුවන් වෙන්නේ.”

මාතර ඉඳුනිල් කැළුම් ජයවීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More