ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර දෙපළාතේ ගැටලු සාකච්ඡා කරන්නේ දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු සමග පමණක් දැයි අද(9) පාර්ලිමේන්තුවේ දී ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
එම දෙපළාතේ සිටින සිංහල මන්ත්‍රීවරු සමග සාකච්ඡා කිරීමට ප්‍රශ්න ඇත්තේම නැත්දැයි එහිදී විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියේය.
යාපනයේ තිස්ස විහාරයේ අද පින්කමක්වත් කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, කුරුන්දි විහාරයට එල්ලවන බලපෑම්ද දිනෙන්දිනම වැඩිවන බවත්, උතුරු නැගෙනහිර දෙපළාතේ සිංහල ජනතාවට ද විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...