පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාවේ ඝණ පූර්ණය පිළිබඳ විමසීම හේතුවෙන් සභාවේ කටයුතු අද (09) පස්වරුවේ ද නතර විය.
පාර්ලිමේන්තුවේ කටයුතු අද (9) දිනයේදී අවස්ථා හතරකදී ඇණ හිටි අතර, තම කණ්ඩායමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීවීමට පොරොන්දුවූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමා සෑම අවස්ථාවකදීම සභාවේ ඝණ පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා ඊයේ පෙරවරුවේදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.
එහිදී අද ද ගණ පූර්ණය නොමැති අවස්ථාවක සීනුව නාද කරන ලෙස ඔහු විසින් ඉල්ලා සිටි අතර එයට වාසුදේව නානායක්කා ගෙවිදු කුමාරතුග යන මන්ත්‍රීවරුන්ද ඊට සහය පළකරමින් අදහස් දැක්වූ අතර ඊට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...