වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල පිහිටි රණවිරු ස්මාරකයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.
ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේ රට වෙනුවෙන් දිවි දුන් ත්‍රිවිඩ හමුදාවේ හා පොලිසිවල නිලධාරීන් මෙන්ම ඉස්ලාම් ජාතිකයන් 187 දෙනෙකුගේ නම් ඇතුලත් කර තිබු ස්මාරකය මෙලෙස ගිනි තබා ඇති අතර, ස්මාරකය අසලට ගෝනි දමා ගිනි තබා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එම ගිනි ගැනීම දුටු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇතත්, ගිනි ගැනීමෙන් ස්මාරකය පහළ කොටසේ පැති දෙකක් කලු පැහ ගැන් වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ පිළිබඳව වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...