දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ඔක්තෝබර් මස 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත නැවතත් සිතාසි නිකුත් කළේය.

අදාළ නඩුව අද(24) දින විභාගයට ගැනීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මීට පෙර අධිකරණ සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දින පැවැත්වෙන බැවින් අධිකරණය හමුවට පැමිණීමට දුෂ්කර බවට අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව මීළඟ දින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවා ගැනීමට අපහසු නම් වෙනත් සාක්ෂිකරුවකු කෑදවා නඩුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් නඩු විභාගය ප්‍රමාද වීම තුළින් විත්තිකරුට ද යම් අගතියක් සිදුවන බවයි.

නිදහස් වීමට හෝ දඬුවම් පැමිණවීමට සාධාරණ හා ඉක්මන් නඩු විභාගයක් විත්තිකරුට තිබිය යුතු බවද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව නඩුව නැවත ඔක්තෝම්බර් මස නව වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අධිකරණය මඟින් නැවතත් සිතාසි නිකුත් කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More