දේශීය පුවත්

පාස්කු ඉරු දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා 7721ක් ඊයේ (අගෝ. 9) ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කියවා දී තිබේ.

ඒ අනුව කියවා දුන් චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවෝ තමන් නිවැරදිකරුවන් බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ඊයේ දින කැඳවා ඇති අතර. ඒ අනුව වැඩිදුර චෝදනා කියවා දීම සඳහා සියලු සැකකරුවන් ලබන අගෝස්තු මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More