හඬපටයක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ තිබූ වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ.
ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර ඇති වූ බව කියන සංවාදයේ පටිගත කරන ලද ශබ්දය සංස්කරණය කරන ලද්දක් යැයි මෙහිදී අනාවරණය වූ බවද එහි දක්වා තිබේ.
2019 වසරේදී අදාළ හඬපටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වන දා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තාවකාලිකව වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ වන විට විශ්‍රාම ගෙන සිටින ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමිවනු ඇති බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...