13 වන සංශෝධනය සම්මත වී වසර 36ක් ගතවී ඇති බව හා එය ක්‍රියාත්මක කිරීමට අලුතෙන් පනත් අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා සැරසෙන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් සිදුකිරීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව රැවටීමේ නොමග යැවීමේ උත්සහයක නිරත වුණා. එතුමා කිව්වේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඉදිරියේ දී පනත් ගණනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ අඩංගු සමගාමි ලැයිස්තුව අවලංගු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න අළුතෙන් පනත් ඕනෑ නෑ. ඒක වසර 36කට කලින් සම්මත වෙලා ඉවරයි.
එහෙම නම් මේ හදන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් කරන්න. 13 තිබෙන සමගාමි ලැයිස්තුව අහෝසි කිරීමත් 13 ඉක්මවා බලය බෙදීමක් මිස 13 ක්‍රියාත්මක කිරීමක් නොවේ. පොහොට්ටුවේ උදවියත් මහින්ද මහත්තයත් 13 ඉක්මවා බලය බෙදන බව කිව්වා කියමින් ඒකට උඩ ගෙඩි දෙනවා.
මතක තියා ගන්න මහින්ද මහත්තයා 13 ඉක්මවා බලය බෙදනවා කියා කිසිම මැතිවරණ ප්‍රකාශනයක සඳහන් කරලා ජනවරමක් අරගෙන නෑ. 2012 ජනවාරි 17දා තමන්ට එහෙම පොරොන්දුවක් දුන්නා කියලා ඉන්දියාවේ විදේශ ඇමති එස් එම් ක්‍රිෂ්ණන් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
නමුත් ජනවාරි 30 දා මාධ්‍ය ප්‍රධානින් සමග කරපු සාකච්ඡාවේ දී තමන් එහෙම පොරොන්දු වුණේ නෑ කියා මහින්ද ජනාධිපතිතුමා කිව්වා. තමන් පොරොන්දුවක් නොදුන්නත් සාකච්ඡාවක් කළා.13 ඉක්මවා බලය බෙදීමක් ලෙස අදහස් කලේ දෙවන මන්ත්‍රණ සභාවක් පිහිටුවීම පමණයි කියා සඳහන් කළා. ඒ වගේම ඒ ප්‍රකාශයෙන් පස්සේ පැවැති ජනපතිවරණයේ දී මහින්ද මහත්තයාව ජනතාව ප්‍රතික්ෂේප කළ බවත් අමතක කරන්න එපා.
ව්‍යවස්ථාවේ තිබෙන නිසා 13 ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිතුමා පවසනවා. ඕක අවුරුදු 36ක් පුරා ව්‍යවස්ථාවේ තිබෙන බව හිටපු ජනාධිපතිවරු හත්දෙනාම දැක්කා. නමුත් ක්‍රියාත්මක කරන්න නොගියේ ඒක දැනට ක්‍රියාත්මක කරලා තිබෙන මට්ටමට ඔබ්බෙන් ක්‍රියාත්මක කලොත් මහ ව්‍යසනයක් වන බව දන්නා නිසා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...