ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව භාරතීය ජනතා පක්ෂය විසින් ඊයේ පරාජය කර තිබේ.
කොංග්රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සභාගත කළ අතර, එය පිළිගත් කතානායකවරයා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලෙස පසුගිය 8 වැනිදා නම් කරනු ලැබීය.
ඒ අනුව කොංග්රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි පසුගිය 8 වැනිදා විවාදය ආරම්භ කර ඇති අතර, දින තුනක විවාදයකින් පසුව ඊයේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පවත්වා තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්රමුඛ රජය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සමත් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...