13 වන සංශෝධනය හරහා පූර්ණ බලතල හිමිකර දීමට ක්‍රියාකිරීම යනු වක්‍රාකාරයකින් ඊළම ලබා දීමක් බවත්, එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
මේ වනවිට හමුදා කඳවුරු ඉවත් කරමින් හමුදාව දියකරමින් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයන් විනාශ කරමින් සිටින බවත් ප්‍රකාශ කළ ජගත් ඩයස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ලබා ගැනීමට නොහැකි වූ දෙමළ ඊළම 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් ලබා දීමට ඉඩදිය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...