“අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා, ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.” යැයි ඊයේ (23) පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාවේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
මා මේ දේ කියන්නේ අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට යැයිද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවේදී මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එහිදී මෙසේද ප්‍රකාශ කර තිබේ.
“අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි. අනවශ්‍ය දේවල්. ආණ්ඩු විරෝධී ප්‍රචාර. සවසට රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා. මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි. නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.
අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි.
අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට, මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා, දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන, නිදහස නැති කරගෙන, දිලා තියනවා මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා…”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...