ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ.
තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිවු දූපත සාම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් විසින් අතීතයේ සිට භාවිත කළ බවත්, දේශපාලන අරමුණු පදනම් කරගනිමින් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එම දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය පිළිගත් බවත් නරේන්ද්‍ර මෝදි එහිදී සඳහන් කර තිබේ.
මෙවැනි සිදුවීම් හරහා ඉන්දීය භූමිය කැබලි කිරීමට කොංග්‍රස් පක්ෂය කටයුතු කළ බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂයට චෝදනා කර ඇත.
කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් තමාට දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බව ද එහි දී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...