ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කතාවේ දී ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා 13+ දෙන්න එකඟ යැයි පවසද්දී, විපක්ෂ නායකවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරයාගේ අණ පනත්වලට සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත්, ඉන්දියාව මේ වන විට බලපෑම් කරමින් සිටින්නේද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බවත්, මේ සියලු බලවේග අවසානයේ එකතුවන්නේ කොතනට දැයි පැහැදිලි වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
අමෙරිකාවේ දෙවැනි ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ගේ පිටපතට, මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චංග් අධ්‍යක්ෂණය කරන, ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති හා අමෙරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩ නිෂ්පාදනයෙන් සහාය වන, ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් ජොවාල් ගේ සංගීතයට අනුව රඟ දැක්වෙන ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්‘ නාටකයේ දෙවන කොටස මේ මොහොතේ රට තුළ රඟ දැක්වෙන බවයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.
මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිටම දෙමළ ඩයස්පෝරාව මුදල් පොම්ප කළේ ද ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ මහතා පිටිපස්සෙ දොරෙන් ඇතුළට ගෙන ජනාධිපති පුටුවේ වාඩිකරවීමට බව ද, හිටපු ජනාධිපතිවරු 7 දෙනෙකු නොකළ 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ කාර්යය දැන් ඔහු විසින් ඉටුකරමින් සිටින බවද ඒ මහතා පවසයි.
13 මෙතෙක් ක්‍රියාත්මක නොවූයේ එහි ඇති ව්‍යවස්ථා බාධක කිහිපයක් නිසා බව පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ඒවා ඉවත් කළ සැනින් ෆෙඩරල් රාජ්‍යයක් බිහිවන බව ද පෙන්වා දෙයි.
ෆෙඩරල් රාජ්‍ය යනු ඊළමේ කළලය බවත්, ෆෙඩරල් ලබාදුනහොත් ඉතා කෙටි කාලයකින්ම ඊළාම් බබා බිහිවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...