ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හදන්නේ 13 එපා යැයි කියූ 69 ලක්ෂයක ජනාවගේ ජනවරම මත සිටගෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
බලය යනු බෙදීමට හැකි දෙයක් නොවන බවත් යමක් බෙදීමේ දී නැතහොත් කුඩා කැබලිවලට කඩද්දී දුර්වල වන බවත්, 13 සංශෝධනයට එදා සිටම බොහෝ දෙනා විරුද්ධ වන්නේ මෙම දාර්ශනික කාරණය වටහාගෙන සිටින නිසා බවත් උන්වහන්සේ පවසති.
එමෙන්ම අයිතිය සහ අයිතිවාසිකම යනු එකක් නොව දෙකක් බවද, අයිතිවාසිකම් භුක්ති විඳීමට මෙරට ජනතාවට නිදහස ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.
ස්වයං නීර්ණ අයිතිය හෝ නිජබිම ඉල්ලන්නේ අයිතිවාසිකමක් ලෙස නොව අයිතියක් ලෙස බවද පෙන්වා දෙන ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ, ජීවත්වීමේ අයිතිවාසිකම උපරිම භුක්තියක් සේ සවි වී ඇති රටක කෑල්ලක් අයිතිකර ගැනීම වනාහි තව කොටසකට අයිතියක් නැති වීමක් බවද පෙන්වා දෙති.
උන්වහන්සේ මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...