නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් සිටිය දී තමන් ලද අත්දැකීම්වලට අනුව13 වැනි සංශෝධනය එම පළාතේ ජනතාවගේ අපේක්ෂාවක් නොවන බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
අනුරාධා යහම්පත් මහත්මිය මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකහා සමානව වෙසෙන බවත්, සහයෝගයෙන් වෙසෙන මෙම ජනතාවගේ අපේක්ෂාව 13 වැනි සංශෝධනය නොවන බවත් අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.
13 යනු ජනතා විරෝධී සංශෝධනයක් බවද, මෙමගින් රටේ ඒකීය භාවයට හා ස්වෛරීත්වයට දැඩි තර්ජනයක් එල්ලවනු ඇති බවද ඇය පවසයි.
සමස්ත රටේ පවතින සම්පත් වලින් අති බහුතරය පවතින්නේ මෙම උතුරු හා නැගෙනහිර දෙපළාතේ බවත්, විශේෂයෙන්ම වනාන්තර බහුල මෙම පළාත් 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම හරහා දැඩි තර්ජනයට ලක්වන බවද ඒ මහත්මිය සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...