දේශීය පුවත්

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව පිහිටුවා ගැනීමට සාකච්ඡා කළ නව දේශපාලන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(24) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නව පෙරමුණ බිහි කිරීමට පසුගිය සතියේ පැවැත්වූ පළමු සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් මෙම නව සන්ධානය පිහිටුවීමට සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පවසයි.

නව පුළුල් සන්ධානය බිහි කිරීමට එජාපය සහ ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් සහාය දෙනවාද? යන්න අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති බවත් ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ද මෙම සන්ධානයට එක් කර ගැනීමට තවම සාකච්ඡා කර නොමැති බවත්ය.

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එම සාකච්ඡාව පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස් ගත වී සිටින අතරතුරය.

ඒ අනුව රට ගොඩනංවන නව ආර්ථික වැඩපිළිවෙළක් ඒකාබද්ධ පොදුජන පෙරමුණට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් අද සවස 5.30ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More