දේශීය පුවත්

රට තුළ පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සපයා ගැනීමටද අභියෝගයක් වී ඇති පමුබිමක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බවය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබේ.

ජාතික ජලම්පාදන මණ්ඩලය අද (12) ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More