නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක්එල්ටිටිඊ කොටි ත්‍රස්තයන් විසින් මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය’ සැමරුම් වැඩසටහනක් ඊයේ (12) පවත්වා තිබේ.
සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්ටු පල්ලි යන ගම්මාන පදිංචිව සිටි වැසියෝ 1990 වසරේ අගෝස්තු මස 12 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූහ. එරාවුර් පල්ලි හා ආයතන සම්මේලනය, එරාවුර් වෙළඳ සංගමය, එරාවුර් ත්‍රිරෝද රථ සංගම් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත.
එම උත්සවයට සමාගාමීව එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් කළ මිලේච්ඡ ඝාතනයන් පිළිබඳව හා එයට සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා එරාවුර් නගරයේ ඊයේ දින ක්‍රියාත්මක වන පරිදි හර්තාල් ව්‍යාපාරක් සිදුකර ඇති අතර එරාවුර් කාට්ටු පල්ලිය අසලින් විරෝධතා පාගමනක් ද පවත්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...