දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඉන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23568 කට අයත් පුද්ගලයන් 75165 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18951 කට අයත් පුද්ගලයන් 63136 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පානීය ජලය නොමැති වීම, වියලි කාලගුණ තත්ත්වය ඇතුලු ගැටලු සම්බන්ධයෙන් මෙම ජනතාව පීඩාවට පත්ව සිටිති. දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් සිදුව ඇති අතර ඉන් වැඩිම බලපෑමක් යාපනය දිස්ත්‍රික්කයට සිදුව තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල පවුල් 21999 කට අයත් 70238 ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...