විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවය.
විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ.
මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ.
කෙසේ වෙතත් පසු ගිය වසර එක හමාරක කාලය තුළ එලෙස පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකු පමණ නොදන්වා නීතිවිරෝධී ලෙස යළි විදෙස්ගතව ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.
මේ පිළිබඳව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා,
“2022 ජනවාරි 10 වනදා ඉදලා 2023 ජූලි 31 දක්වා විදේශ පුහුණුව ලබලා ලංකාවට ආපු වෛද්‍යවරු 363 දෙනෙක් පමන ඉන්නවා. ඒ අතරින් 106ත් 120 අතර පිරිසක් නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වෙලා තියෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන් 29ක් ඉන්නනවා. 11ක් හෝ 12 නිසි අවසරයකින් තොරව විදේශගත වෙලා තියෙනවා. “
මෙවන් පසුබිමක විදෙස් ගත පුහුණුව ලබා මෙරටට නොපැමිණෙන වෛද්‍යවරුන් මෙන්ම දැනුම්දීමකින් තොරව මෙරටින් විදෙස්ගතවන වෛද්‍යවරුන් අසාදුලේඛනගත කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...