කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම මෙම අනතුර සිදුව තිබේ.
පොලීසිය නිවේදනය කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.
බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි දැනට සිදුකළ විමර්ශනවලින් පොලීසියට අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...