උතුරේ ජනතාවට ඇත්තේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ වුවමනාවක් නොවන බව දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී පොදු අවශ්‍යතා පිළිබඳ අවශ්‍යතාවය උතුරේ ජනතාවට ඇති බවට වන යථාර්ථය රටේ සමස්ත ගැටලුවක් බව පොදුවේ සියල්ලන් ම තේරුම් ගත යුතු බව උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු රජය විසින් අප රටට බලහත්කාරයෙන් ලබා දුන්නක් මිස මේ රටේ ජනතා අවශ්‍යතාව උදෙසා ස්ථාපිත කළ එකක් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
මේ වන විටත් උතුරු නැගෙනහිර සිංහල ජනතාවට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳ කිසිවෙක් කතා නොකරන බව ද, නැගෙනහිර පළාතේ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් අනුමත කළ විහාරස්ථානවල පවා ඉදිකිරීම් නවත්වන ලෙස එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ බලපෑම් මත නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බවද, එවන් පසුබිමක් තුළ 13 ක්‍රියාත්මක කළහොත් සිදුවන තත්ත්වය කාටත් කිසිදු අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හැකි බවත් උන්වහන්සේ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...