මාස 3 ක් වැනි කාලයක් තුළ අසාත්මික මරණ 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත ඖෂධ භාවිතය නිසා රෝගීන් මියයෑම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර එහි වාර්තාව අමාත්‍යාංශයට භාරදී පැය 48 ක් යෑමටත් පෙර තවත් රෝගී මරණයක් ගම්පහ රෝහලින් වාර්තාවී ඇති බවත්, එම මරණයට හේතුව Ceftazidime නම් 04 වන කාණ්ඩයේ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධය එකොළොස්වන මාත්‍රාව ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතාවක් බවට වාර්තා වී ඇතැයි වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙය කිසිසේත් සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැබෑ ප්‍රශ්න යටපත් කිරීම සඳහා නිකුත් කරන මාධ්‍ය නිවේදන හරහා අමාත්‍යාංශය ජනතාවගේ විහිළුවට ලක්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...