දේශීය පුවත්

තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට යන බව සැලවීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පළ කරමින් අද(14) දින උදෑසන උද්ඝෝෂන ව්‍යාපාරයක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ගේ අත්සනින් යුතුව ලිපියක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කදවුර කෙසේ හෝ ඉවත් කිරිමේ කටයුතු නවතා දමන ලෙසයි.

තවද මෙලෙස උතුරේ යුද්ධ හමුදා කදවුරු ඉවත් කලහොත් තමන්ගේ ජීවිත වලට කිසිම ආරක්ෂාවක් නොමැති බව එහි රැස්ව සිටි ජනතාව විසින් වැඩි දුරටත් පවසා තිබේ.

මෙලෙස හමුදා කඳවුරු උතුරේ දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය මත ඉවත් කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More