විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.
එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවය.
මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බව පවසන එම සමාගම, කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද පවසයි.
මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇතිවූ බව එම සමාගම පවසයි.
මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...